*යාපනය වසන්තපුරම් ප්‍රදේශවාසීන්ට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට දායක වන්න!*
යාපනය, වසන්තපුරම් ග්‍රාමයේ පවුල් 86ක් වාසය කරති. මෙම මුළු ගමටම ඇත්තේ වැසිකිලි 2ක් පමණි. මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් මෙම ජනතාව බොහෝ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙති. 1/7
#lka
මීට සති කීපයකට පෙර මම මෙම ප්‍රදේශයේ සංචාරය කලෙමි. පසුගිය ඉරිදා, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු පිණිස සිදු කල විරෝධතාවයකදී මෙම ගැටලුව විසිදීමට මාගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කෙරිනි. 2/7
මෙයට විසඳුමක් වශයෙන් මවිසින් වසන්තපුරම් ජනතාවට වැසිකිලි පද්ධති 10ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. 3/7
වත්මන් වෙළෙඳපොල වටිනාකම අනුව, එක් වැසිකිළියක් ඉදිකිරීමට රුපියල් 100,000 පමණ වැයවේ. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියනයක් වැය වේ. මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීමට කැමති අයෙකුට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගිණුම් විස්තර පහත දැක්වේ. 4/7
Name: M. A. Sumanthiran
Account number: 0002324677
Bank: Bank of Ceylon
Branch: Parliamentary Complex
Bank code: 7010
Branch code: 644
Swift key: BCEYLKLX 5/7
වර්ෂා කාලයට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇත. මේ සම්බන්ධයෙන් අරමුදල් රැස් කිරීම හා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු මගේ FB පිටුවේ සහ මෙහි පල කෙරුණු ඇත. 6/7
තවද, පසුගිය රජය සමයේ වසන්තපුරම් ජනතාවට නිවාස 52ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේවන විට අතහැර ඇත. ඉදිකිරීමේ කටයුතු අතරමග නතර කොට ඇති අතර කිසිදු නිවසක වහලයක් නොමැත. අප විසින් රජයට මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිණිස මැදිහත් වෙනු ඇත. 7/7
Share this Scrolly Tale with your friends.
A Scrolly Tale is a new way to read Twitter threads with a more visually immersive experience.
Discover more beautiful Scrolly Tales like this.
