K'ۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗat දෙයියෝ 🤤🇺🇳 Profile picture
Equity and Well being Enjoy ▶️#ඇහෙනසිංදු Religion ▶️ #සැබෑ_බෞද්ධයා ▶️ #Facts only for future survival
Sep 2, 2022 12 tweets 4 min read
☸ බුදු දහම ආගමක් නොවේද?

වර්තමානයේ බොහෝ බෞද්ධයන්ගේ මතයක් වී ඇත්තේ බුදු දහම ආගමක් නොවන බවයි. බුදු දහම අනෙකුත් ආගම් වලින් විශේෂ කර දැක්වීමේ අරමුණෙන් බෞද්ධයන් මෙසේ බුදු දහම ආගමක් නොවන ප්‍රකාශ කරන බව පැහැදිලි වේ. එයට හේතුව නම් මෙරට පවතින ක්‍රිස්තියානි දහම ඉස්ලාම් දහම යනාදිය හැඳින්වීමටද ආගම යන වචනයම භාවිතා කිරීම සහ කාලයක පටන් බුදු දහම සම්බන්ධ පුද පූජා වත් පිළිවෙත් බෞද්ධ ආගම යන වචනය වටා ගොඩනැඟීමත් බුදු දහමේ එන ඉගැන්වීම් බෞද්ධ දර්ශනය යන වචනය වටා ගොඩනැඟීමත්ය.
පුද පූජා වත් පිළිවෙත් යනාදිය
Aug 31, 2022 6 tweets 2 min read
මේ කුඩා දූපතේ ආහාර අපතේ යන්නේද අසරණයන්ගේ දුක මතුවන්නේද පන්සලක් දුටුවොත් පමණි ...

තථාගතයන් වහන්සේට සිව්පසයෙන් දෙයක් ලැබෙන කල්හි එය දැක ඉවසා ගැනිමට නොහැකිව හූල්ලමින් මෙවන් වූ ⁣post සදා මෝඩ බෞද්ධයන් ගේ හිස් සේදිමට ණයට කහින පල්ලිකාක්⁣කෝ කැමතිය . සිය කැමැත්තෙන් එයට දෙන්නට අපේ බෞද්ධයෝ කැමතිය ....

මේ දානය ගැන ඉතා හොඳ කතා බහක් අද පමණක් නොව බුදුන් කලද ඇති විය . ඒ පසේනදි කොසොල් රජු ගෙනා ප්‍රශ්නයක් නිසාය .. අපි එම සූත්‍රය ගැන විමසා බලමු .