☸ බුදු දහම ආගමක් නොවේද?

වර්තමානයේ බොහෝ බෞද්ධයන්ගේ මතයක් වී ඇත්තේ බුදු දහම ආගමක් නොවන බවයි. බුදු දහම අනෙකුත් ආගම් වලින් විශේෂ කර දැක්වීමේ අරමුණෙන් බෞද්ධයන් මෙසේ බුදු දහම ආගමක් නොවන ප්‍රකාශ කරන බව පැහැදිලි වේ.
එයට හේතුව නම් මෙරට පවතින ක්‍රිස්තියානි දහම ඉස්ලාම් දහම යනාදිය හැඳින්වීමටද ආගම යන වචනයම භාවිතා කිරීම සහ කාලයක පටන් බුදු දහම සම්බන්ධ පුද පූජා වත් පිළිවෙත් බෞද්ධ ආගම යන වචනය වටා ගොඩනැඟීමත් බුදු දහමේ එන ඉගැන්වීම් බෞද්ධ දර්ශනය යන වචනය වටා ගොඩනැඟීමත්ය.
පුද පූජා වත් පිළිවෙත් යනාදිය
ශ්‍රද්ධාව මදි කම නිසාම මඟහැරියද තමන් විශ්වාස කරන දේ වඩා උසස් දේ යැයි පෙන්වනු වස් බොහෝ බෞද්ධයන් නිසි හැදෑරිමක් නොකොට බුදු දහම ආගමක් නොවේය යන්න තරයේ ප්‍රකාශ කරයි.

සැබැවින්ම බුදු දහම ආගමක්ද නොවේද යන්න විමසා බැලීමට ආගම යන වචනය බුදු දහම තුල කෙසේ විස්තර වන්නේද යන්න සලකා බැලිය
යුතුය.

🔴 "ආගමිස්සන්ති එත්ථ, එතෙන, එතස්මා වා අත්තත්ථපරත්ථාදයොති ආගමො"
(සංයුක්ත නිකාය ටීකා)
tipitaka.app/?a=ma0-56-si

අර්ථය:- යමක් තමන්ටද අනුන්ටද යහපතක් කරනවා නම් එය ආගමයි.

තවද ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර වල ත්‍රිපිටකධර බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා හැඳින්වන අවස්ථාවන්හිදී ආගම යන වචනය
භාවිතා කර තිබේ.

🔵 "පුන චපරං භික‍්ඛවෙ යෙ තෙ භික‍්ඛූ බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා. තෙ න සක‍්කච‍්චං සුත‍්තන‍්තං පරං වාචෙන‍්ති."

"තව ද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත් ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට
සූත්‍රාන්ත පරා ලවා වාවනාමාර්‍ගයෙන් නො හදාරවත්."
tipitaka.lk/an-4-4-1-10/5-…
"තස‍්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික‍්ඛු විහරන‍්ති බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා,"
"එ සෙනස්නෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති සූත්‍රපිටකධර විනයධර (ප්‍රාතිමෝක්‍ෂද්වය මාතෘකාධර තෙර මහණහු වෙසෙත්."
tipitaka.lk/an-10-1-2-1/14…
යස‍්මිං ආවාසෙ ථෙරා භික‍්ඛූ විහරන‍්ති බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා,තස‍්මිං ආවාසෙ වස‍්සං උපෙති.
"යම් ආවාසයෙක්හි බහුශ්‍රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්‍මධර වූ විනයධරවූ මාතිකා (ප්‍රාතිමෝක්‍ෂ)ධර වූ තෙර මහණහු වෙසෙත් නම්,ඒ ආවාසයෙහි වස් එළඹෙයි."
tipitaka.lk/an-6-1-5-9/65-…

ඉහත දැක්වූ අංගුත්තර නිකායේ ආනන්ද සූත්‍රයේ අටුවාවට අනුව

🔺 ආගතාගමා යනු දීඝාදීන් අතුරෙහි යම්කිසි ආගම (නිකාය) ක් පැමිණියේ මොවුනටනුයි ආගතාගමා නමි.
🔺 ධම්මධරා යනු සූත්‍ර පිටකය දරන්නෝයි,
🔺විනයධරා යනු විනය පිටකය දරන්නෝයි
🔺මාතිකාධාරා යනු පාමොක් දෙක දරන්නෝයි
tipitaka.lk/atta-an-6-1-5-…
#copied #සැබෑ_බෞද්ධයා
අවසන් වශයෙන් : ලතින් භාෂාවෙන් එන "Religio" අල්ලගෙන බුදු දහමේ හරයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඇතුළු කිරීමට උත්සාහ නොගෙන තමන්ට නිරාගමික විය යුතු නම් එසේ කෂේරුකාවක් ඇතිව ජීවිතය හැඩගස්වා ගත යුතු යැයි යෝජනා කරමි.
එවැන්නන් බලෙන් රදවා ගැනීම සඳහා කිසිවිටකත් බුදුන් වහන්සේ දේශනා නොකළ සේක. බුදු දහම වනාහී ආගමක් වන අතර එය religion යන වචනයත් සමඟ පටලා ගෙන බුදු දහම ආගමක් නොවේ යන්න ප්‍රකාශ කිරීම එම වචනය සෑදී ඇති භාෂාවේ එයට දී ඇති අර්ථය අනුව කෙතරම් සාවද්‍ය්ය ප්‍රකාශයක්ද යන්න මේඅනුව පැහැදිලි විය යුතුය.
තවදුරටත් කියවන්න ...
තෙරුවන් සරණයි 🙏❤️
@UnrollHelper unroll

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with K'ۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗat දෙයියෝ 🤤🇺🇳

K'ۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗat දෙයියෝ 🤤🇺🇳 Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @KMeeeaaow

Aug 31
මේ කුඩා දූපතේ ආහාර අපතේ යන්නේද අසරණයන්ගේ දුක මතුවන්නේද පන්සලක් දුටුවොත් පමණි ...

තථාගතයන් වහන්සේට සිව්පසයෙන් දෙයක් ලැබෙන කල්හි එය දැක ඉවසා ගැනිමට නොහැකිව හූල්ලමින් මෙවන් වූ ⁣post සදා මෝඩ බෞද්ධයන් ගේ හිස් සේදිමට ණයට කහින පල්ලිකාක්⁣කෝ කැමතිය .
සිය කැමැත්තෙන් එයට දෙන්නට අපේ බෞද්ධයෝ කැමතිය ....

මේ දානය ගැන ඉතා හොඳ කතා බහක් අද පමණක් නොව බුදුන් කලද ඇති විය . ඒ පසේනදි කොසොල් රජු ගෙනා ප්‍රශ්නයක් නිසාය .. අපි එම සූත්‍රය ගැන විමසා බලමු .
" එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කාහට දන් දිය යුතුද?”
“මහරජ, යම් කෙනෙකුන් කෙරෙහි සිත පහදීද ඔවුන්ට දිය යුතුය” යි වදාළේය
Read 6 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(