අපේ රටේ ආර්ථිකය මෙච්චර වැටුණේ කොහොමද?

කලින් කතාවේ ඉතුරු ටික 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 වෙනකොට අපේ ආර්ථික ප්‍රශ්න නිසා තවත් අර්බුදයක් අපි මුහුණ දුන්නා. 2015 පාර්ලිමේන්තු ඡන්දය වෙනුවෙන් දුන්න සහන නිසා, ආණ්ඩුවේ වියදම් වැඩි වෙලා, අර්බුදය ඉක්මන් වුණා.


(2/20)
අපේ ආර්ථික ගැටලු ප්‍රධාන වශයෙන් තුනයි.

1 - ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය
2 - රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය
3 - රටේ වැඩි වෙන ණය බර

මේ තුන තමයි විසඳගන්න ඕන

(3/20)
ආදායම්/වියදම් හිඟය අඩු කරන්න එක්කෝ ආදායම් වැඩි කරන්න ඕන, නැත්නම් වියදම් අඩු කරන්න ඕන.

ආදායමට ප්‍රධාන විදිහ තමයි බදු. බදු වැඩි කරොත්, ආදායම වැඩි.

(4/20)
ලංකාවේ බදු, අපිට වඩා දුප්පත් මිනිස්සු ඉන්න ඉන්දියාවටත් වඩා අඩුයි. මහා ධනවාදී කියලා කියන අමෙරිකාවටත් වඩා අඩුයි. බදු ගන්නේ නෑ කියන්නේ එක්කෝ තව ණය නැත්තන් සල්ලි අච්චු ගහලා බඩු මිල වැඩියි තමයි. හැබැයි බදු වගේ නෙමෙයි, ඔය දෙකම පාළනය කරන්න අමාරුයි.

(5/20)
අනිත් වැඩේ තමයි වියදම. අපේ රටේ ආණ්ඩුවේ වියදම් ඇත්තට බැලුවොත් ආසියාවේ අනිත් රටවල් බහුතරයකට වඩා අඩුයි. හැබැයි සමහර තැන් වල විශාල අලාභ තියනවා, සල්ලිකාරයින්ට සහන දෙනව. මං හිතන්නෙ ඒක නං වැරදියි.

(6/20)
එතකොට ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟයට උත්තරේ විදිහට මම පෞද්ගලිකව හිතන්නේ බදු වැඩි කරන එක, සල්ලිකාරයින්ට සහන නැති කරන එක, සහ දුප්පත් මිනිස්සුන්ට වෙන කෙටි කාලීන අමාරුව අඩු කරන්න ඍජු සල්ලි ආධාර දෙන එකයි.

(7/20)
දෙවෙනි ප්‍රශ්නය තමයි ඩොලර් ආදායම්/වියදම් හිඟය. ඒක විසඳන්න ඉතින්, එක්කෝ ආදායම වැඩි කරන්න, නැත්තන් වියදම අඩු කරන්න!

ඒත් ඕක ඔච්චර කියන තරම් ලේසි නෑ!

(8/20)
අපේ ප්‍රධාන ආදායම් 4 තමයි

1 - විකුණන බඩු සහ සේවා (අපනයන)
2 - සංචාරක ආදායම
3 - පිටරට ඉඳන් එවන සල්ලි (ප්‍රේෂණ)
4 - වෙනත් ආයෝජන

ඕවා එකපාරට වැඩි කරන්න බෑ නෙ?

(9/20)
දිගු කාලීනව වැඩි කරන්න ඕන, හැබැයි අපිට කරන්න පුළුවන් දේ බැරි දේ මොනාද කියලා තේරුම් අරන් කරන්න ඕන. දැනට පුළුවන් දේ කරලා ඒවා දියුණු කරන එකට අවධානය යොමු කරලා, අනිත් දේවල් කරන්න ඉගෙන ගන්න එක තමයි මම හිතන්නෙ කරන්න ඕන.

(10/20)
එතකොට වියදම් පැත්ත බලමු - මෙතන ප්‍රධාන වියදම තමයි අපි ඩොලර් දීලා ගන්න බඩු (ආනයන).

මීට අමතරව, පිටරට යනකොට වියදම් වෙන සල්ලි, රටෙන් එළියට ගෙනියන සල්ලි, ඕවත් තියනවා.

(11/20)
එතකොට ආනයන අඩු කරන්න නම් කොහොමද? වැඩේ තියෙන්නෙ ඕකත් ලේසි නෑ. කට්ටියක් කියනවා බඩු ගේන එක නවත්තන්න ඕන කියලා. එතකොට ඉතින් රටේ හදන්න බැරි දේවල් නැහැ - වාහන වගේ.

(12/20)
හදන්න පුළුවන් දේවල් වල ප්‍රමිතිය අඩුයි, ඒවා හදන්න දන්නැති නිසාත්, හොඳට හදන්න උවමනාවක් නැති නිසාත්. හැබැයි අපේ රටේ නිශ්පාදනය කරන්න නම්, අමුද්‍රව්‍ය, උපකරණ, කර්මාන්තශාලා හදන්න බඩු, විදුලිය, ඔක්කොම ඩොලර් දීලා ගෙන්න ඕන. ඩොලර් කොහොමත් වියදම් වෙනවා.

(13/20)
එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? අපේ ආනයන ප්‍රධාන වශයෙන් තියෙන්නෙ අමුද්‍රව්‍ය, අතරමැදි ද්‍රව්‍ය, සහ උපකරණ - යම් යම් නිශ්පාදන සඳහා. ආනයන වල ගනන් වැඩි කරන්න පුළුවන් ඕනනම්.

(14/20)
එහෙම කරොත්, ඇත්තටම අවශ්‍ය දේ විතරක් ගන්න මිනිස්සු හිතනවා. එක උදාහරණයක් තමයි, car එකේ නැතුව trishaw එකේ යනවා, trishaw එකේ නැතුව බස් එකේ යනවා. හැබැයි ඕක මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදිහට කරන්න ඕන.

(15/20)
තුන් වෙනි ආර්ථික ප්‍රශ්නෙ තමයි ණය. ණය අඩු කරගන්න එක ඔක්කොටම වඩා අමාරුයි. එක්කො ණය ගෙවන්න ඕන - ඕකට සංචිත ඕන. නැත්තන් ණය දුන්න කට්ටියට කතා කරලා ණය ටික අඩු කරන්න සාකච්ඡා කරන්න ඕන.

(16/20)
දැන් ඔය ප්‍රශ්න තුන තමයි 2016 දි තිබුනේ. 2011/12, 2009, 2001 හැම සැරේම ඕකම තමයි. 2016 දි, ඉක්මනට කරන්න පුළුවන් වැඩේ කරා - බදු වැඩි කරා. සංචිත වියදම් කරලා රුපියල බොරුවට තියන් ඉන්න එකත් නැවැත්තුවා.

(17/20)
2016 දි විතරක් නෙමෙයි, ඊට කලින් හැම පාරම ඔය වගේ තමයි. කරන්න පුළුවන් ටික කරා, වැඩේ පටන් ගත්තා. 2017/2018 අවුරුදු දෙකේම, ආදායම්/වියදම් හිඟය, ණය ගෙවීම් ඇරුනම, අතිරික්තයක් වුණා.

(18/20)
හැබැයි වැඩේ වැරදුනේ ඡන්දෙ එක්ක. මේ පාර විතරක් නෙමෙයි, හැම පාරම ඔය කරන වැඩ ඔක්කොම ආපහු හරවනව ඡන්ද දිනන්න හදන්න. ඕකයි වැරැද්ද.

2019 ඡන්දෙට, ආණ්ඩුවේ වියදම් වැඩි කරා - අතිරික්තය නැති වුණා. ඡන්දෙ දින්නෙ නෑ, ඒත් ආර්ථිකය ආපහු අමාරු තැනකට ආවා. ඊට පස්සේ තමයි වැඩේ තවත් වැරදුනේ.

(19/20)
2019 ඉඳන් කතාව පහලින් link කරන්නම්.

දැනට කියපු කතාව ගැන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න බලන්නම්.

(20/20)

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Chayu Damsinghe

Chayu Damsinghe Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @ChayuDamsinghe

Apr 22
ණය සහ ආර්ථික අර්බුධය, IMF උදවු, මේ ටිකෙන් ලංකාවේ ආර්ථිකයටයි රටේ මිනිස්සුන්ටයි ඉස්සරහට මොකද වෙන්න යන්නේ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
ලංකාව මෙතෙන්ට එන්න කලින්, අවුරුදු ගාණක් තිස්සෙ ආර්ථික ගැටලු වලට මුහුණ දීපු රටක්. මන් කලින් කතා කරා අපේ ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය ගැනත්, රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය ගැනත්.


(2/23)
මේ නිසා රටේ දිගටම ආර්ථික අර්බුද ඇති වුණා. 2016 වසරේ තිබුණු අර්බුදය තුළින්, මේ කතාව මම කලින් විස්තර කරන්න හැදුවා.


(3/23)
Read 23 tweets
Apr 22
2019 අලුත් ආණ්ඩුව ආපු දවස ඉඳන් ගත්ත ආර්ථික තීරණ වලින් ආර්ථිකය ලොකු අමාරුවකට වැටුණ එක අපිට හොඳට තේරෙනවා.

හැබැයි ඇත්තටම මොකද්ද වුණේ - කොහොමද මෙච්චර ඇණ ගත්තෙ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2019 වෙනකොට, ආර්ථිකය එච්චර හොඳ තැනක නෙමෙයි තිබුණේ. 2017/18 වල ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය පාළනය වුණත්, ණය බර තාම තිබුණා. ඉස්සරහ අවුරුදු වල ගොඩක් ණය ගෙවන්න තියෙන බව පෙනුනා.


(2/24)
2018 දි, තීරණය වුණා ණය ගෙවන එක කරගෙන යන්න නම්, අලුත් ණය ගන්න වෙනවා, හැබැයි ඊට එහා ණය ගන්න එක නවත්තන්න ඕන කියලා. 2019 ඒ නිසා ණය ගොඩක් අරන් සංචිත පිරෙවවා.

(3/24)
Read 25 tweets
Apr 22
ලංකාව කොහොමද මෙච්චර වැටුණේ? මං සිංහලෙන් විස්තර කරලා නැති නිසා, මෙතෙන්ට ආවේ කොහොමද කියලා මුලින් පටන් ගමු 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 විතර වෙනකොට, අපේ රටේ ණය බර, ආර්ථිකයේ ප්‍රමාණය එක්ක බලනකොට වැඩි වේගෙන එනවා. මේ වැඩි වීමට ප්‍රධාන හේතු තුනක් තිබුණා.

1 - කලින් ගත්ත ණය ගෙවන්න අලුත් ණය ගන්න එක
2 - ආණ්ඩුවේ ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න
3 - රටේ ඩොලර් ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න

(2/8)
ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි වුණාම, රටේ මිනිස්සුන්ට අතට තියන සල්ලි වැඩි වෙනවා - මොකද බදු වලින් ගන්න සල්ලි වලට වඩා, පඩි සහ අනිත් වියදම් වලින් වැඩිපුර සල්ලි මිනිස්සුන්ට ලැබෙනවා.

ඉතින් හොඳයි නෙ?

(3/8)
Read 9 tweets
Apr 19
What's happening in Rambukkana, and anything else that follows, is catastrophic. We can't forget the criminal economic policies that led to this or allow those who advocated for those to be the good guys.

#ProtestLK #SriLanka

(1/21)
Even in 2018, Sri Lanka was facing a long term debt issue. It was tough, it was going to be damn difficult to get through. Realistically, the only option we had to pay our debt and keep our reserves, was more debt.

So we started that.

(2/21)
Why not hope for investment? In addition to the varied issues behind import substitution - a big factor is its difficult to convince huge investment in a country under debt distress. That means shady deals more often than not.

(3/21)

Read 21 tweets
Apr 18
A quick thread on how government expenditure is almost always paid for the people - in 1 of 3 ways

#SriLankaEconomicCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeRajapakshas #GotaGoHome2022 #අරගලයටජය for reach)

(1/9)
Whenever a government has an expense, it's paid in 1 of 3 ways.

1. Taxes
2. Loans
3. Money printing

Despite what it looks like, taxes are often the least anti-poor

(2/9)
Let's start with money printing - I explained it detail here but what matters is that excess printing just results in inflation.



(3/9)
Read 9 tweets
Apr 17
Following import substitution, self-sufficiency, and local production didn't work out for Sri Lanka in the last 2 years. My longest 🧵yet to explain - promise it's worth it!

(1/30)

#SriLankaCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeGota #GoHomeRajapakshas #අරගලයටජය for reach)
Now, these ideas are often "common sense". It sounds good - if we have a forex problem, lets stop importing and make it ourself! Lets be self-sufficent, why depend on others?

But econ ISN'T common sense - so let's go through my view on why these don't work.

(2/30)
The main idea behind these is basically - produce goods locally, ideally goods we currently import, and sometimes, hope to export later.

So 3 broad benefits spoken of

1. Save/grow forex
2. Increase GDP
3. Have a backup if global trade fails

Lets go through all of these

(3/30)
Read 30 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(