2019 අලුත් ආණ්ඩුව ආපු දවස ඉඳන් ගත්ත ආර්ථික තීරණ වලින් ආර්ථිකය ලොකු අමාරුවකට වැටුණ එක අපිට හොඳට තේරෙනවා.

හැබැයි ඇත්තටම මොකද්ද වුණේ - කොහොමද මෙච්චර ඇණ ගත්තෙ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2019 වෙනකොට, ආර්ථිකය එච්චර හොඳ තැනක නෙමෙයි තිබුණේ. 2017/18 වල ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය පාළනය වුණත්, ණය බර තාම තිබුණා. ඉස්සරහ අවුරුදු වල ගොඩක් ණය ගෙවන්න තියෙන බව පෙනුනා.


(2/24)
2018 දි, තීරණය වුණා ණය ගෙවන එක කරගෙන යන්න නම්, අලුත් ණය ගන්න වෙනවා, හැබැයි ඊට එහා ණය ගන්න එක නවත්තන්න ඕන කියලා. 2019 ඒ නිසා ණය ගොඩක් අරන් සංචිත පිරෙවවා.

(3/24)
හැබැයි ප්‍රශ්නෙ හරිම අමාරුයි. පොඩ්ඩක් හරි ගැස්සුනොත්, ලොකු අමාරුවක වැටෙනවා. එහෙම තියෙද්දි තමයි, බදු අඩු කරේ.

ආර්ථිකය "වර්ධනය" කරන්න කියලා කරා නම් මොකෝ ප්‍රශ්නෙ?

(4/24)
වැඩේ තියෙන්නේ, ආර්ථිකය වර්ධනය කරනවා කියන්නෙ, බොරුවට නොම්බර සෙල්ලමක් කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. හරියට, දිගු කාලීනව පැවතෙන විදිහට කරන්න ඕන.

(5/24)
ටක්ගාලා වර්ධනය වැඩි කරන්න පුළුවන් ඕන තරම් බොරු බිල්ඩිම් හදල. ලොකු ලොකු කුළුණු හදල. හදන කිසිම දෙයකින් ආදායමක් තියෙන්න ඕනෙ නෑ, හදන එකම වර්ධනයක්. ඔන්න ඕකයි අපේ රටේ ඉස්සර ඉඳන් වුණේ.

(6/24)
මොනා වුණත්, හරිම අමාරුවෙන් ආර්ථිකය ස්ථාවර කරන්න හදන රටක් වුණාම, බදු අඩු කරාම ආදායම්/වියදම් හිඟය වැඩි වුණාම, හිඟය පුරවන්න එක්කො තවත් ණය ගන්න ඕන, නැත්තන් සල්ලි අච්චු ගහන්න ඕන.

(7/24)
ඕක වෙනවත් එක්ක තමයි කොරෝනා ආවේ. ඒ කියන්නෙ සංචාරක ආදායම නෑ. දැන් ඉතින් ආණ්ඩුවේ රුපියල් ආදායම අඩුයි බදු අඩු කරපු නිසා, රටේ ඩොලර් ආදායම අඩුයි කොරෝනා නිසා.

(8/24)
ඔය කතාව අපි විතරක් නෙමෙයි නෙ දන්නේ. පිටරට මිනිස්සුන්ටත් පේනවා මේ කතාව. ඒක දැක්කම, ඒගොල්ලෝ ඕක කිව්වා, මෙන්න මේ රට තවත් අවුලක තමයි කියලා - ඒ කියන්නෙ ශ්‍රේණිගත කිරීම් වලින් පහළට ගියා.

(9/24)
එහෙම වුණාම අලුත් ණය ගන්න එක ලේසි නෑ. ඩොලර් ණය කොහොමත් ම බෑ. එතකොට අර රුපියල් හිඟය පුරවන්න ඉතුරු වෙන ක්‍රමේ තමයි, එක්කො වැඩි වියදමට බැංකු බැඳුම් ණය ගන්න ඕන, නැත්තන් සල්ලි අච්චු ගහන්න ඕන. නැත්තන් වියදම් කපන්න ඕන.

(10/24)
ඉතින් සල්ලි අච්චු ගැහුවා. ඒ වෙලාවෙ වියදම් කරන්න බැහැනෙ, කොරෝනා නිසා මිනිස්සුන්ට සහාය දෙන්න ඕන. බදු අඩු නොකරත්, ඒ වෙලාවේ අච්චු ගහන්න වෙනවා. හැබැයි ආර්ථිකය නැගිටිනවත් එක්ක, ඕක නවත්තන්න ඕන.

(11/24)
නැවැත්තුවේ නෑ. අච්චු ගැහුවා ගැහුවා ගැහුවා. එතකොට ඉතින් රටේ මිනිස්සු ඒ සල්ලි වලින් බඩු ගත්තා. පොලී අඩු වුණාම, ගොඩක් දේවල් හැදුවා. ඔය ඔක්කොම ඉතින් පිටරටින් ගේන දේවල් නේ. ඩොලර් වියදම වැඩි වුණා.

(12/24)
දැන් ඩොලර් ආදායම අඩු වෙලා, වියදම වැඩි වෙලා. රටෙන් එළියට ඩොලර් දුවනවා. එතකොට ඉතින් රුපියලේ අගය අඩු වෙනවා. මහා බැංකුව හැදුවා බොරුවට රුපියල තියාගන්න.

(13/24)
එහෙම කරාම වුණේ බැංකු වලට කවුරුත් ඩොලර් දුන්නෙ නෑ. එතකොට ගත්ත බඩු වලට ගෙවන්න ඩොලර් ගන්න පුළුවන් වුණේ උන්දියල් ක්‍රමේට තමයි. කොහොම හරි, රුපියලේ අගය අඩු වුණා. බඩු මිල වැඩි වුණා.

(14/24)
දැන් ඉතින් ඔහොමයි - සල්ලි අච්චු ගහනවා ගහනවා, මිනිස්සු බඩු ගන්නවා ගන්නවා, රුපියල අවප්‍රමාණය වෙනවා වෙනවා, බඩු මිල වැඩි වෙනවා වෙනවා.

(15/24)
ඕක මදැයි, ණය ගෙවන්න තියනවනේ. හොඳ වෙලාවට 2019 දි ණය ටිකක් වැඩිපුර අරන් සංචිත ලොකු කරේ. ඉතින් ඔය ටික වියදම් කරලා කරලා තමයි ණය ගෙව්වේ.

(16/24)
රටේ ඩොලර් ආදායම්/වියදම් අතර හිඟයක් තියන රටක, අලුතින් ණය ගන්න බැරි නම්, ණය දිගටම ගෙවන්න බෑ කියලා තේරෙන්න එපැයි. එහෙම තෙරුන් අරන්, ප්‍රශ්නෙ වැඩි වෙන්න කලින්, ක්‍රියා කරන්න එපැයි.

(17/24)
ඒවා කොහෙද. ණය ගත්ත මිනිස්සු එක්ක කතා කරලා, මොනා හරි සහනයක් සාකච්ඡා කරන්න තිබුණා 2020 දි. කරේ නෑ. දිගට සංචිත වලින් ගෙව්වා. සල්ලි අච්චු ගහන එකෙන් බඩු මිල වැඩි වුණා.

(18/24)
දැන් තෙල් වගේ දේවල් ගෙන්න ගන්න නම්, ඩොලර් ඕන ගෙවන්න. බැංකු පද්ධතියට ඩොලර් නෑ, සංචිත වලත් ඩොලර් නෑ. ඉතින් මොකද වෙන්නෙ, හරියට මුකුත් කරන්නෙ නැතුව නිකං ඔහේ රුපියල පා කරා.

(19/24)
රුපියල පා කරන්න ඕන, හැබැයි ඒක යම් කිසි මට්ටමකට ස්ථාවර වෙන්න පුළුවන් විදිහට ඉඩ සලස්සල තමයි කරන්න ඕන. දිගටම ඩොලර් එළියට යනවනම්, පා කරනවා කියන්නෙ ලොකු අවප්‍රමාණක් විතරයි.

(20/24)
දැන් සල්ලි අච්චු ගගහා බඩු මිල වැඩි වෙලා. ණය ප්‍රතිව්‍යූහගත කරන්නෙ නැතුව සංචිත නැත්තටම නැති වෙලා. බැංකු වලට ඩොලර් නැති වෙලා, තෙල් ගේන්න වත් ඩොලර් නෑ.

(21/24)
ඕක තමයි අපිට වුණේ. අස්ථාවර ආර්ථිකයට ගන්න පුළුවන් වැරදිම තීරණ ගත්ත නිසා, ලයිට් නෑ. ඉන්ධන නෑ. ගෑස් නෑ. බෙහෙත් නෑ. ඉන්දියාව ආධාර දුන්නෙ නැත්තන් කෑමත් නෑ.

(22/24)
මේක එක පාරටම නැති වෙන්නෙ නෑ. මේ තීරණ වල විපාක අපිට දිගටම විඳින්න වෙනවා. නමුත් අපි මෙතෙන්ට ආවේ කොහොමද කියලා තේරුම් ගත්තෙ නැත්තන්, ආයෙත් දවසක මෙතනම තමයි.

(23/24)
මෙතනින් ගොඩ එන ගැන කතාව පහලින් link කරන්නම්.

දැනට කියපු කතාව ගැන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න බලන්නම්.

(24/24)

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Chayu Damsinghe

Chayu Damsinghe Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @ChayuDamsinghe

Apr 22
ණය සහ ආර්ථික අර්බුධය, IMF උදවු, මේ ටිකෙන් ලංකාවේ ආර්ථිකයටයි රටේ මිනිස්සුන්ටයි ඉස්සරහට මොකද වෙන්න යන්නේ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
ලංකාව මෙතෙන්ට එන්න කලින්, අවුරුදු ගාණක් තිස්සෙ ආර්ථික ගැටලු වලට මුහුණ දීපු රටක්. මන් කලින් කතා කරා අපේ ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය ගැනත්, රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය ගැනත්.


(2/23)
මේ නිසා රටේ දිගටම ආර්ථික අර්බුද ඇති වුණා. 2016 වසරේ තිබුණු අර්බුදය තුළින්, මේ කතාව මම කලින් විස්තර කරන්න හැදුවා.


(3/23)
Read 23 tweets
Apr 22
අපේ රටේ ආර්ථිකය මෙච්චර වැටුණේ කොහොමද?

කලින් කතාවේ ඉතුරු ටික 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 වෙනකොට අපේ ආර්ථික ප්‍රශ්න නිසා තවත් අර්බුදයක් අපි මුහුණ දුන්නා. 2015 පාර්ලිමේන්තු ඡන්දය වෙනුවෙන් දුන්න සහන නිසා, ආණ්ඩුවේ වියදම් වැඩි වෙලා, අර්බුදය ඉක්මන් වුණා.


(2/20)
අපේ ආර්ථික ගැටලු ප්‍රධාන වශයෙන් තුනයි.

1 - ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය
2 - රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය
3 - රටේ වැඩි වෙන ණය බර

මේ තුන තමයි විසඳගන්න ඕන

(3/20)
Read 21 tweets
Apr 22
ලංකාව කොහොමද මෙච්චර වැටුණේ? මං සිංහලෙන් විස්තර කරලා නැති නිසා, මෙතෙන්ට ආවේ කොහොමද කියලා මුලින් පටන් ගමු 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 විතර වෙනකොට, අපේ රටේ ණය බර, ආර්ථිකයේ ප්‍රමාණය එක්ක බලනකොට වැඩි වේගෙන එනවා. මේ වැඩි වීමට ප්‍රධාන හේතු තුනක් තිබුණා.

1 - කලින් ගත්ත ණය ගෙවන්න අලුත් ණය ගන්න එක
2 - ආණ්ඩුවේ ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න
3 - රටේ ඩොලර් ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න

(2/8)
ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි වුණාම, රටේ මිනිස්සුන්ට අතට තියන සල්ලි වැඩි වෙනවා - මොකද බදු වලින් ගන්න සල්ලි වලට වඩා, පඩි සහ අනිත් වියදම් වලින් වැඩිපුර සල්ලි මිනිස්සුන්ට ලැබෙනවා.

ඉතින් හොඳයි නෙ?

(3/8)
Read 9 tweets
Apr 19
What's happening in Rambukkana, and anything else that follows, is catastrophic. We can't forget the criminal economic policies that led to this or allow those who advocated for those to be the good guys.

#ProtestLK #SriLanka

(1/21)
Even in 2018, Sri Lanka was facing a long term debt issue. It was tough, it was going to be damn difficult to get through. Realistically, the only option we had to pay our debt and keep our reserves, was more debt.

So we started that.

(2/21)
Why not hope for investment? In addition to the varied issues behind import substitution - a big factor is its difficult to convince huge investment in a country under debt distress. That means shady deals more often than not.

(3/21)

Read 21 tweets
Apr 18
A quick thread on how government expenditure is almost always paid for the people - in 1 of 3 ways

#SriLankaEconomicCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeRajapakshas #GotaGoHome2022 #අරගලයටජය for reach)

(1/9)
Whenever a government has an expense, it's paid in 1 of 3 ways.

1. Taxes
2. Loans
3. Money printing

Despite what it looks like, taxes are often the least anti-poor

(2/9)
Let's start with money printing - I explained it detail here but what matters is that excess printing just results in inflation.



(3/9)
Read 9 tweets
Apr 17
Following import substitution, self-sufficiency, and local production didn't work out for Sri Lanka in the last 2 years. My longest 🧵yet to explain - promise it's worth it!

(1/30)

#SriLankaCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeGota #GoHomeRajapakshas #අරගලයටජය for reach)
Now, these ideas are often "common sense". It sounds good - if we have a forex problem, lets stop importing and make it ourself! Lets be self-sufficent, why depend on others?

But econ ISN'T common sense - so let's go through my view on why these don't work.

(2/30)
The main idea behind these is basically - produce goods locally, ideally goods we currently import, and sometimes, hope to export later.

So 3 broad benefits spoken of

1. Save/grow forex
2. Increase GDP
3. Have a backup if global trade fails

Lets go through all of these

(3/30)
Read 30 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(