ණය සහ ආර්ථික අර්බුධය, IMF උදවු, මේ ටිකෙන් ලංකාවේ ආර්ථිකයටයි රටේ මිනිස්සුන්ටයි ඉස්සරහට මොකද වෙන්න යන්නේ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
ලංකාව මෙතෙන්ට එන්න කලින්, අවුරුදු ගාණක් තිස්සෙ ආර්ථික ගැටලු වලට මුහුණ දීපු රටක්. මන් කලින් කතා කරා අපේ ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය ගැනත්, රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය ගැනත්.


(2/23)
මේ නිසා රටේ දිගටම ආර්ථික අර්බුද ඇති වුණා. 2016 වසරේ තිබුණු අර්බුදය තුළින්, මේ කතාව මම කලින් විස්තර කරන්න හැදුවා.


(3/23)
හැබැයි මේ ගැටලු සම්පූර්ණයෙන් විසඳන්න බැරි වුණා නිසා, ප්‍රශ්නෙ කාලයත් එක්ක තව තව වැඩි වුණා. 2019 අලුත් ආණ්ඩුව එනකොට, ආර්ථිකය තිබුණේ සැහෙන්න අස්ථාවර තැනක.

(4/23)
හැබැයි 2019-2022 කාලේ ගත්ත ආර්ථික තීරණ වල විපාක අපි දැන් විඳිනවා. අස්ථාවර ආර්ථිකයක් තියන රටකට පුළුවන් තරම් වැරදි තීරණ ගත්ත නිසා අද අපි මේ වලේ.


(5/23)
මේ වලට වැටුණේ මේ තීරණ නිසා කියලා මම ආර්ථිකවේදියෙක් විදිහට විශ්වාස කරනවා. එතකොට මේ තරම් ප්‍රශ්නයක් තියෙනකොට, ඒක ඉබේ හරියන්නෙ නෑ.

(6/23)
අපි මොනා කරත්, මොන විසඳුම් ගත්තත්, හානිය වෙලා ඉවරයි. හානිය තවත් විඳින්න ඕන එක නවත්තන්න බෑ. 2022 2023 අවුරුදු වල මුහුණ දෙන්න වෙන දුක, කලින් ගත්ත ඒ තීරණ නිසයි.

(7/23)
ඒ වුණත්, ගොඩ එන්න විසඳුම් ඕන. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ විසඳුම් නිසා කියන එකට මම එකඟ නෑ.

ඒ කියන්නෙ, ගෙට ගිනි තිබ්බට පස්සෙ, ගිනි නිවන හමුදාව ගෙදර තෙමුව කියලා බනින එක වැරදියි.

(8/23)
මෙතෙන්දි තමයි IMF එක එන්නෙ. IMF එක ඉන්නෙ අරක මේක කරන්න කියන්න නෙමෙයි. අපි මේ ගත්ත වැරදි තීරණ හදා ගන්න අතර අපිට උදවු කරන්න.

ඇයි එහෙනම් නිකන් සල්ලි දෙන්නේ නැත්තේ?

(9/23)
මොකෝ නිකන් දුන්නොත්, ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ නෙ. බාල්දියක හිලක් තිබුනොත්, තව වතුර දැම්මා කියලා හරියන්නෙ නෑ. හිල වහන්න ඕන.

(10/23)
මම හිතන්නෙ චීනෙ ඕක තේරුම් ගත්තා. 2020/21 දි අපිට ණය දුන්නා, ඒත් අපි දිගටම බාල්දියෙ හිල තියා ගත්තා. බාල්දියෙ හිල තවත් ලොකු කරගත්තා. ඒ නිසා තමයි දැනටත්, ඉන්දියාව වුණත් උදවු දෙන්නෙ IMF වැඩේ පටන් ගත්තට පස්සෙ.

(11/23)
එහෙනම් කොහොමද අපි මෙතනින් ගොඩ එන්නේ?

මම කලින් මේක ගැන කතා කරා. මෙයින් යම් දේවල් වෙලා ඉවරයි.


(12/23)
හැබැයි තව තියෙනවා. ඉස්සරහට යනකොට, පොලී අනුපාත වැඩි කරන්න සිද්ධ වුණ නිසා, ස්ථාවර පොලියක් නැති හැම ණයක් ම, වැඩි පොලියක් ගෙවන්න වෙනවා. අලුත් ණය ගන්න අමාරුයි.

(13/23)
බදු ආපහු තිබුණු තැනට ගේන්න වෙනවා, සල්ලි අච්චු ගහන එක අඩු කරන්න වෙනවා. ආර්ථිකය කඩා වැටුණ නිසා මේක දරා ගන්න අමාරු වෙන්න පුළුවන් - හැබැයි වැඩි පුරම වෙන්න ඕන සල්ලිකාරයන්ට වැඩි කරන එක.

(14/23)
මෙච්චර දරුණු තැනකට ආර්ථිකය ගෙනාව නිසා, ආර්ථිකයට හරි අමාරුයි. ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට ආදායම් අඩු වෙන්න පුළුවන්.

(15/23)
හැබැයි මතක තියාගන්න.

ගිනි නිවන හමුදාව නිසා නෙමෙයි ගෙදර විනාස වුණේ. ගෙදරට ගිනි තිබ්බ නිසා.

ගින්නට පෙට්‍රල් දාලා, නෑ නෑ, පෙට්‍රල් කියන්නෙ දියරයක්, මගෙන් ගන්න, කියලා කියපු අය දැන් ගිනි නිවන හමුදාවට බනියි.

රැවටෙන්න එපා.

(16/23)
මේ ඔක්කොම මුහුණ දුන්නට, මීට කලින් තිබුණ තැන අමතක කරන්න එපා. පැය 13 ලයිට් නෑ. පෙට්‍රල් ඩීසල් නෑ. ගෑස් නෑ. බෙහෙත් නෑ. තව ටිකකින් කෑම නෑ. තාම අපිට මේකෙන් ගැලවෙන්නවත් බෑ, හිතන්න තව උග්‍ර වුණා නම්?

(17/23)
මම 100% විශ්වාස කරනවා, ඉදිරි කාලයේදී රට මුහුණ දෙන තත්ත්වය, වෙන්න ගිය විනාශයට වඩා දාස් ගුණයකින් ඊට වඩා හොඳයි කියලා. හොඳයි නෙමෙයි, හැබැයි තියෙන්න තිබුණට වඩා හොඳයි.

(18/23)
නමුත් අපිට අවස්ථාවක් තියනවා, මේ අමාරු කාළයේ වුණත් රටේ දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න. ඒ තමයි ඍජු මුදල් ගෙවීම් ලබා දීම.

(19/23)
මේක මම කියන දෙයක් විතරක් නෙමෙයි. IMF එක ඔවුන්ගේ කොන්දේසියක් විදිහට අපිටත්, අනිත් රටවල් වලටත් කියලා තියන දෙයක්. IMF එක නිදහස් සෞඛ්‍ය/අධ්‍යාපනය එරෙහිව ක්‍රියා කරන්නෙත් නෑ.

(20/23)
නමුත් මේ කෙටි කාලීනව වෙන දේවල් විතරයි. එතනින් එහා ගමන ලේසි නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් තියනවා. IT සහ සංචාරක ක්ෂේත්‍රය, ගොඩක් දියුණු වෙන්න පුළුවන්.

(21/23)
හැබැයි ඇත්තටම රට දියුණු කරන්න නම්, මම පෞද්ගලිකව විශ්වාස කරනව, විශාල අධ්‍යාපන ආයෝජනයක් අවශ්‍යයයි කියලා. මේක ඡන්දයක් දිනන්න කරන්න බැරි නිසා, පෞද්ගලික අංශය වුණත් එකතු වෙන්න වෙනවා.

(22/23)
අන්තිමේදී, අපි මේ කාලයට මුහුණ දුන්නොත්, දුප්පත්ම මිනිස්සු ආරක්ෂා කරොත්, අනාගතය එච්චරම අඳුරු නෑ. කවදාවත් වැඩේ අතාරින්න බෑ, හැබැයි වඩාත් දියුණු රටක් වෙනුවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි.

(23/23)

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Chayu Damsinghe

Chayu Damsinghe Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @ChayuDamsinghe

Apr 22
2019 අලුත් ආණ්ඩුව ආපු දවස ඉඳන් ගත්ත ආර්ථික තීරණ වලින් ආර්ථිකය ලොකු අමාරුවකට වැටුණ එක අපිට හොඳට තේරෙනවා.

හැබැයි ඇත්තටම මොකද්ද වුණේ - කොහොමද මෙච්චර ඇණ ගත්තෙ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2019 වෙනකොට, ආර්ථිකය එච්චර හොඳ තැනක නෙමෙයි තිබුණේ. 2017/18 වල ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය පාළනය වුණත්, ණය බර තාම තිබුණා. ඉස්සරහ අවුරුදු වල ගොඩක් ණය ගෙවන්න තියෙන බව පෙනුනා.


(2/24)
2018 දි, තීරණය වුණා ණය ගෙවන එක කරගෙන යන්න නම්, අලුත් ණය ගන්න වෙනවා, හැබැයි ඊට එහා ණය ගන්න එක නවත්තන්න ඕන කියලා. 2019 ඒ නිසා ණය ගොඩක් අරන් සංචිත පිරෙවවා.

(3/24)
Read 25 tweets
Apr 22
අපේ රටේ ආර්ථිකය මෙච්චර වැටුණේ කොහොමද?

කලින් කතාවේ ඉතුරු ටික 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 වෙනකොට අපේ ආර්ථික ප්‍රශ්න නිසා තවත් අර්බුදයක් අපි මුහුණ දුන්නා. 2015 පාර්ලිමේන්තු ඡන්දය වෙනුවෙන් දුන්න සහන නිසා, ආණ්ඩුවේ වියදම් වැඩි වෙලා, අර්බුදය ඉක්මන් වුණා.


(2/20)
අපේ ආර්ථික ගැටලු ප්‍රධාන වශයෙන් තුනයි.

1 - ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය
2 - රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය
3 - රටේ වැඩි වෙන ණය බර

මේ තුන තමයි විසඳගන්න ඕන

(3/20)
Read 21 tweets
Apr 22
ලංකාව කොහොමද මෙච්චර වැටුණේ? මං සිංහලෙන් විස්තර කරලා නැති නිසා, මෙතෙන්ට ආවේ කොහොමද කියලා මුලින් පටන් ගමු 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 විතර වෙනකොට, අපේ රටේ ණය බර, ආර්ථිකයේ ප්‍රමාණය එක්ක බලනකොට වැඩි වේගෙන එනවා. මේ වැඩි වීමට ප්‍රධාන හේතු තුනක් තිබුණා.

1 - කලින් ගත්ත ණය ගෙවන්න අලුත් ණය ගන්න එක
2 - ආණ්ඩුවේ ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න
3 - රටේ ඩොලර් ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න

(2/8)
ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි වුණාම, රටේ මිනිස්සුන්ට අතට තියන සල්ලි වැඩි වෙනවා - මොකද බදු වලින් ගන්න සල්ලි වලට වඩා, පඩි සහ අනිත් වියදම් වලින් වැඩිපුර සල්ලි මිනිස්සුන්ට ලැබෙනවා.

ඉතින් හොඳයි නෙ?

(3/8)
Read 9 tweets
Apr 19
What's happening in Rambukkana, and anything else that follows, is catastrophic. We can't forget the criminal economic policies that led to this or allow those who advocated for those to be the good guys.

#ProtestLK #SriLanka

(1/21)
Even in 2018, Sri Lanka was facing a long term debt issue. It was tough, it was going to be damn difficult to get through. Realistically, the only option we had to pay our debt and keep our reserves, was more debt.

So we started that.

(2/21)
Why not hope for investment? In addition to the varied issues behind import substitution - a big factor is its difficult to convince huge investment in a country under debt distress. That means shady deals more often than not.

(3/21)

Read 21 tweets
Apr 18
A quick thread on how government expenditure is almost always paid for the people - in 1 of 3 ways

#SriLankaEconomicCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeRajapakshas #GotaGoHome2022 #අරගලයටජය for reach)

(1/9)
Whenever a government has an expense, it's paid in 1 of 3 ways.

1. Taxes
2. Loans
3. Money printing

Despite what it looks like, taxes are often the least anti-poor

(2/9)
Let's start with money printing - I explained it detail here but what matters is that excess printing just results in inflation.



(3/9)
Read 9 tweets
Apr 17
Following import substitution, self-sufficiency, and local production didn't work out for Sri Lanka in the last 2 years. My longest 🧵yet to explain - promise it's worth it!

(1/30)

#SriLankaCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeGota #GoHomeRajapakshas #අරගලයටජය for reach)
Now, these ideas are often "common sense". It sounds good - if we have a forex problem, lets stop importing and make it ourself! Lets be self-sufficent, why depend on others?

But econ ISN'T common sense - so let's go through my view on why these don't work.

(2/30)
The main idea behind these is basically - produce goods locally, ideally goods we currently import, and sometimes, hope to export later.

So 3 broad benefits spoken of

1. Save/grow forex
2. Increase GDP
3. Have a backup if global trade fails

Lets go through all of these

(3/30)
Read 30 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(